ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාමය වන Huawei මෙරට ටැබ්ලට් පරිගණක ක්ෂේත්රය වෙත Huawei MediaPad හඳුන්වාදෙයි. MediaPad T1-7”, MediaPad T1-10” සහ MediaPad M2 8.0 ලෙස රැපියල් 16,999, රැපියල් 33,499 සහ රැපියල් 49,999 යන මිළ ගණන් යටතේ මෙම Huawei MediaPad වෙළෙඳපොළට හදුන්වා දී තිබේ.
MediaPad T1-7” වෙළෙඳපොළේ පවතින විශේෂතා රුසකින් සමන්විත ටැබ්ලට් පරිගණකයකි. කාර්ය බහුල විධායකයින්ට, පාරිභෝගිකයින්ට මෙන්ම අලෙවි ක්ෂේත්රයේ නිරත වූවන්ගේ කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි මෙම MediaPad T1-7” නිපදවා තිබේ.
බරින් අඩු සැහැල්ලු ලෝහයෙන් නිපදවා ඇති MediaPad T1-7” මිලි මීටර් 8.5ක ඝණ කමකින් යුක්ත ග්‍රෑම් 278 ක බරකින් යුක්ත වෙයි. මේ නිසා ඉතා පහසුවෙන් බෑග් එකක සහ පොකට්ටුවක රඳවා ගෙන යා හැකි ආකාරයට මෙම Huawei MediaPad එක නිපදවා තිබේ. IPS ඩිස්ප්ලේ එකකින් යුත් මෙම Huawei MediaPad මගින් Adobe RGB වර්ණ සංයෝජන මගින් ඉතා සුපැහැදිලි වර්ණ සහිත පෙනුමක් ලබාදෙයි. 16M වර්ණ සහිත WSVGA තිරයකින් ද මෙම Huawei MediaPad සමන්විත වෙයි. අංශක 1780 ක් දක්වා වන පුළුල් කලාපයක් ආවරණය වන සේ සුපැහැදිලි ලෙස ඡායාරෑප ලබාගැනීමට ඇති හැකියාවද මෙම Huawei MediaPad T1-7”හි විශේෂත්වයකි.
Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ උසස්ම තත්ත්වය සහ හොඳම තාක්ෂණය ඉලක්ක කරගනිමින් මෙරට ස්මාර්ට්ෆෝන් තාක්ෂණයේ නව පෙරළියක් ඇති කරමින් ශ්‍රී ලංකාවට නිෂ්පාදන රුසක් හඳුන්වාදීමට Huawei කටයුතු කර ඇති බවයි. සියලු ශ්‍රී ලාංකිකයින්කේ ජීවන විලාසිතාවලට ගැළපෙන Huawei MediaPad එහි තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
Huawei MediaPad T1 7.0 සාමාන්‍ය ස්මාර්ට්ෆෝනයක් හෝ ටැබ්ලට් පරිගණක මෙන් ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වන අතර 3G සබඳතා සහ WiFi සබඳතා හා සම්බන්ධවීමේදී ඇති වේගවත් බව නිසා ඉතා ඉක්මන් ක්‍රියාකාරිත්වයකින් යුක්ත වෙයි. මේ නිසා ඉතා වේගවත්ව අන්තර්ජාලය හා සම්බන්ධ වීම සහ ඇමතුම් ලබාගැනීමේ හැකියාවෙන්ද යුක්ත වෙයි. මෙහි ඇතුළත් 4100mAh බැටරිය නිසා පැය 300කට වැඩි කාලයක් මෙම MediaPad එක සක්‍රියව තබාගත හැකිවන අතර එමගින් අන්තර්ජාලය භාවිත කිරීමේදී සම්පුර්ණ බැටරි ආයු කාලය පැය 8ක් වන අතර, චිත්‍රපට ආදී වීඩියෝ නැරඹීමේදී බැටරි ආයු කාලය කාලය පැය 12ක් දක්වා වෙයි.
ශ්‍රී ලංකාවෙ ප්රමුඛ ස්මාර්ට්ෆෝන් අලෙවිකරැ වන සිංගර් ශ්‍රී ලංකා සිය පුළුල්තම අලෙවි ජාලය මගින් Huawei නිෂ්පාදන දිවයින පුරා අලෙවි කරයි. සිංගර්, සිංගර් මෙගා, සිංගර් ප්ලස්, සිසිල් වර්ල්ඩ් ආදී අලෙවි සැල් මෙන්ම 400කට අධික ඩිජිටල් අලෙවිසැල් සහ 1500කට අධික බලයලත් නියෝජිතවරැන්ගෙන් සැදුම්ලත් අලෙවි ජාලයක් සිංගර් සතුවෙයි.